• English (United Kingdom)
  • Tamil (Sri Lanka)
මුල් පිටුව අප ගැන අරමුණු

අරමුණු - දිගු කාලීන/මධ්‍යකාලීන/කෙටිකාලීන

ජල සම්පත් සංවර්ධනය,ගවේෂණය හා බහුකාර්ය උපයෝජනය සහ සමාජ ආර්ථික මෙන්ම පාරිසරික අවශ්‍යතා සපුරාලීමට ගුණාත්මක නඩත්තුවකින් යුතුව තිරසාර ලෙස උපයෝජනය කිරීම සම්බන්ධ ජාතික ප‍්‍රතිපත්ති සැකසීමෙහිලා ඉවහල් වන පර්යේෂණ දායකත්වය.

උක්ත 1හි සඳහන් අරමුණු තවදුරටත් සවිමත් කිරීම සඳහා ක‍්‍රමවත් මෙන්ම නිවැරදි දත්ත රැස්කිරීම හා රටේ ජල සම්පත ආශි‍්‍රත විද්‍යාත්මක දත්ත පවත්වාගෙන යෑම.

දැනුම ලබා දීම සහ තොරතුරු හුවමාරු කර ගැනීමට අදාළව
(අ) ප‍්‍රාදේශීය වශයෙන් එනම් අදාල පළාත් පාලන අධිකාරීන්
(ආ) ජාතික හා ජාත්‍යන්තර සංවිධාන සමඟ මෙන්ම රටේ ජල සම්පත හා අදාල වෙනත් විද්‍යාත්මක විමර්ශණ වලට සම්බන්ධ වීම.

සුරක්ෂිතව හා තිරසාර ලෙස ජලය පරිභෝජනයේ ඇති වැදගත්කම,අනාගතය සඳහා ජලය දූෂ්‍ය කිරීමෙන් තොරව පවත්වා ගෙන යෑමේ වගකීම සම්බන්ධව සිවිල් සමාජය දැනුවත් කිරීම.

රටේ ජල සම්පත තිරසාර ලෙස උපයෝජනය කිරීමට අදාළව උක්ත අංක 3යටතේ සඳහන් ආයතන විසින් යෝජිත/භාරගෙන ඇති ව්‍යාපෘති ඇසුරින් ලැබිය හැකි ප‍්‍රතිලාභ හා ආර්ථික ශක්‍යතාවය තක්සේරු කිරීම.

ජල සම්පත් මණ්ඩල පනත ප‍්‍රකාරව ජල සම්පත් මණ්ඩලය විසින් ඉටු කිරීමට අපේක්ෂිත ඉහත සඳහන් කාර්යයන්ට අදාළව, අවශ්‍ය අවස්ථාවන්හි දී සහභාගිත්වයෙන් කටයුතු කිරීමෙහි ලා අවශ්‍ය අනනෝන්‍ය අවබෝධය මැනවින් තහවුරු කිරීම සඳහා අන්තර් දෙපාර්තමේන්තු උපදේශක කමිටුවක් පිහිටුවීම.