• English (United Kingdom)
  • Tamil (Sri Lanka)
මුල් පිටුව අංශ භූ ජල විද්‍යා අංශය
වත්මන් කි‍්‍රයාකාරකම්
භූගත ජල සම්පත් තක්සේරු කිරීම.

වකුගඩු රෝග ව්‍යාප්තව/ව්‍යාප්තව නොමැති තෝරාගත් ප‍්‍රදේශවල ඊට බලපා ඇති හේතු හා ඒවා හි ප‍්‍රතිවිපාක නිර්ණය කිරීම පිණිස අවුරුදු 3ක කාල පරිච්ජේදයක් පුරා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ හා සිවිල් සමාජය නියෝජනය කරනු ලබන සාමාජිකයින් ඇතුළු අදාළ අධිකාරී ආයතන සමඟ ඉතා සමීප සහයෝගීතාවක්  පවත්වා ගනිමින්,ක්ෂේත‍්‍රගත ක්‍රියාකාරකම් පර්යේෂණ සිදු කිරීම.

කෙටි කාලීන පොම්ප කිරීමේ පරීක්ෂණ සිදු කිරීම හා ජල සම්පත් වලට (නල ළිං,ළිං,නැවුම් ජල උල්පත් යනාදියට) අදාළ ආරක්ෂිත පොම්ප කිරීමේ අනුපාත අගයන් නිර්ණය කිරීම.

භූගත ජල අධීක්ෂණ ජාලය සැළසුම් කිරීම සහ ජලයේ ප‍්‍රමිතිය හා ජල මට්ටම් වෙත විශේෂ අවධානයක් යොමු කරමින් භූගත ජල අධීක්ෂණ වැඩ සටහන් පැවැත්වීම.

අනුරාධපුර කොරකහවැව පිහිටි පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ පවත්වනු ලබන පුහුණු වැඩ සටහන් මඟින් සිවිල් සමාජයේ සාමාජිකයින් අතර භූගත ජල සම්පත් හා සම්බන්ධ ගැටළු පිළිබඳ දැනුවත් භාවයක් ඇති කරලීම.

 
වර්තමාන ධාරිතාව
ජලධර ලක්ෂණ සහ අවකාශය හා කාලයට අනුරූපව භූගත ජලයේ පැවැත්ම හඳුනා ගැනීම පිණිස භූගර්භ විද්‍යාත්මක/භූ භෞතික සමීක්ෂණ පැවැත්වීම.

සුවිශේෂී වශයෙන් ජලධර හා භූගත ජල ප‍්‍රවාහ රටා පිළිබඳ අධ්‍යයන සිදු කිරීම.

ජල අංශය හා ආශි‍්‍රත ගැටළු කෙරෙහි පරිසරයේ බලපෑම තක්සේරු කිරීම.

ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධව ගැඹුරින් අධ්‍යයනය කිරීම.

වැඩමුළු, සම්මන්ත‍්‍රණ, සාකච්ඡා සම්මන්ත‍්‍රණ යනාදියෙහි දී පර්යේෂණ නිගමන ඉදිරිපත් කිරීම සහ සමියුරු පුනර්ජාත පර්යේෂණ අධ්‍යයනය පළ කිරීම.

ජල සම්පත් ආශි‍්‍රත දත්ත විශ්ලේෂණ හා කාලීන වාර්තා සැකසීම.

භූගත ජල සිතියම් සහ ජල රසායනික සිතියම් සකස් කිරීම.

භූගත ජලය පුනර්ජීවනය කිරීම හා අදාළ අධ්‍යයන කටයුතු සිදු කිරීම.

පළාත් බද කාර්යාල

අනුරාධපුරය
උතුරු නැගෙනහිර පළාතේ මෙන්ම අවට කලාපවල ජනතාවට සේවය කිරීම සඳහා 2007සැප්තැම්බර්හි දී මෙම කාර්යාල ස්ථාපිත කරන ලදී.එහි ප‍්‍රධාන කර්තව්‍යයයන් වනුයේ,

අනුරාධපුර හා මාතලේ දිස්ති‍්‍රක්කයේ භූ ජල භූ විද්‍යාත්මක පර්යේෂණ සිදු කිරීම.

සීමිත වශයෙන් පවතින භූගත ජල සම්පත් සුපරික්ෂාකාරීව පරිහරණය කිරීම හා ආර්ථික මෙන්ම සමාජයේ කාර්යයන් සඳහා ජලය දූෂිතයෙන් තොරව භාවිතා කිරීම සඳහා ජනතාව පෙළඹවීම.

විශේෂයෙන් වියළි කලාපයේ ජලය ආශි‍්‍රත සෞඛ්‍ය උවදුරු අවම කිරීම සඳහා කොරකහවැව, අනුරාධපුර පුහුණු මධ්‍යස්ථානයන් හි දැනුවත් කිරීමේ/පුහුණු වැඩ සටහන් පැවැත්වීම.

“ජල සායන” වැඩ සටහන යටතේ ප‍්‍රජාවගේ යහපත උදෙසා ජලය ආශි‍්‍රත ගැටළු සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩ සටහන්, ජල සාම්පල පරීක්ෂණයට භාජනය කිරීම හා අය කිරීමෙන් තොරව වතුර ෆිල්ටර් බෙදා හැරීම සිදු කෙරේ.

ප‍්‍රදර්ශනය සඳහා මෙන්ම ගැමි ප‍්‍රජාවට තාක්ෂණය ලබා දීම සඳහා තිරසාර ජල හා කෘෂිකාර්මික ආදර්ශ තැනීම.

භාවිතා කරනු ලබන ජල ප‍්‍රමාණය සීමා කිරීම හා මිනිසාගේ පැවැත්මට හානිකර වන්නා වූ ජලයේ ගුණාත්මකභාවය හීනවීම් සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සඳහා පළාත්බද කාර්යාලය ප‍්‍රමාණවත් ලෙස සන්නද්ධ වී ඇති අතර,තත්කාර්ය සඳහා කොරකහවැව පුහුණු මධ්‍යස්ථානය ද සහාය දක්වයි.එපමණක් නොව,ජලය පිරිසිඳු කිරීමේ පාරම්පරික ක‍්‍රම සම්බන්ධව මෙම කාර්යාලය මගින් ජනතාව දැනුවත් කරයි.

පුත්තලම
පුත්තලම පළාත්බද කාර්යාලය 1979වර්ෂයේදී ස්ථාපිත කරන ලදී.හුණුගල්පර සහ ඝන ගල්පර වල තිබෙන්නා වූ භූගත ජල සම්පත් සම්බන්ධව ගවේෂණය කිරීම හා උපයෝජනය කිරීමට අදාළ භූගත ජල සංවර්ධන කි‍්‍රයාදාමයන් මෙම කාර්යාලය මඟින් සිදු කෙරේ.රාජ්‍ය/රාජ්‍ය නොවන සංවිධාන සහ පෞද්ගලික අංශය විසින් ආරම්භ කර ඇති විවිධ සංවර්ධන කි‍්‍රයාදාමයන් සඳහා ගැඹුරු නල ළිං ඉදිකිරීමෙහිලා ද මෙම කාර්යාලය සම්බන්ධ වී කටයුතු කර ඇත.ග‍්‍රාමීය ජල සැපයුම්,ඉස්සන් වගා කිරීම,සීමිත වාරි කෘෂි කර්මාන්තය, කර්මාන්ත හා ගෘහස්ථ අවශ්‍යතාවයන් සපුරාලීම මෙයට අයත් වේ.ප‍්‍රධාන කාර්යාලයේ ජල විද්‍යා අංශයේ කර ගෙන යනු ලබන කි‍්‍රයාදාමයන් සම්බන්ධව උපදෙස් ලබමින් පළාත්බද කාර්යාලයේ කි‍්‍රයාදාමයන් සිදු කරනු ලබයි.

මොණරාගල
කළක් තිස්සේ අකි‍්‍රයව තිබූ ප‍්‍රාදේශීය කාර්යාලය සබරගමුව හා ඌව පළාත්වල ජනතාවට සේවය කිරීම.

පුස්තකාලය  
විශේෂයෙන් ජල අංශය හා ආශි‍්‍රතව, වර්ග 13 ක් යටතේ ගැනෙන පොත්පත් 1810 කින් සමන්විත පුස්තකාලයක් පවත්වා ගෙන යනු ලැබේ. එම පුස්තකාලය අඛණ්ඩව යාවත්කාලීන කළ යුතුව ඇත.

අවසන් යාවත්කාලීන කිරීම (2013 ජූලි 03 වෙනි බදාදා, 05:24)