• English (United Kingdom)
  • Tamil (Sri Lanka)
මුල් පිටුව අංශ විදුම් අංශය

විෂය පථය


  • ගැඹුරු නළ ළිං කැණීම් කටයුතු සිදු කිරීම.
  • නළ ළිං පිරිසිඳු කිරීම් කටයුතු සිදුකිරීම.
  • නළ ළිං අත් පොම්ප සවි කිරීම.
  • නළ ළිං ස‍‍ඳහා ජලයේ ගිල්වන ලද විදුලි බලයෙන් ක්‍රියා කරන පොම්ප කට්ටල සවි කිරීම.
  • නළ ළිං නඩත්තු කිරිම් කටයුතු සහ අලුත්වැඩියා කටයුතු සිදුකිරීම.
  • භූගත පරීක්ෂණ කටයුතු සඳහා විදුම් කටයුතු සිදුකිරීම.
  • විදුම් යන්ත්‍ර සහ වායු සම්පීඩන යන්ත්‍රවල නඩත්තු සහ අලුත්වැඩියා කටයුතු සිදුකිරීම.

 

ලාංකීය සමාජීය ජල අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍යතාව සපිරෙන පරිදි විවිධ ගැඹුරු වලින් හා විවිධ ප්‍රමාණයන්හි නළ ළිං ඉඳිකිරීම් කටයුතු සිදුකිරීම මෙම අංශය මගින් කරන ප්‍රධාන කාර්යය වේ. මේ සියලු කැණීම් කටයුතු විදුමි ඒකකය වෙත ලැබෙන භූ විද්‍යා පරීක්ෂණ දත්ත සටහන් අනුව සිදුකරනු ලබන අතර ලංකාව තුළ ඕනෑම ප්‍රදේශයක දිගු කල් පවතින ඉතා සාර්ථක නළ ළිං කැණීම් කටයුත්තක් සිදුකිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් හා දැනුම මෙම අංශය සතුව පවතී. දැනට ක්‍රියාකාරී මට්ටමේ විදුම් ඒකක දහයක් (10) පවතින මෙම අංශය ප්‍රධාන ක්‍රමවේදයන් දෙකක් තුළින් (මඩ විදුම් හා වායු විදුම්) විදුම් කටයුතු සිදුකරනු ලබයි.

අප විසින් ඉඳිකරන ලද නළ ළිඳක හෝ සවි කරන ලද අත් පොම්පයක අලුත්වැඩියාවන් එම ස්ථානයේදීම සිදුකරනු ලබන අතර විදුම් යන්ත්‍රෝපකරණවල හදිසි අලුත්වැඩියාවන් ද එම ස්ථානයේදීම සිදුකරන අතර එසේ කිරීමට නොහැකි අවස්ථාවන් වලදී රත්මලාන යාන්ත්‍රික වැඩබිම වෙත යොමු කරනු ලැබේ.

සහකාර සාමාන්‍යාධිකාරි වරයෙකුගේ පාලනය යටතේ පවතින මෙම අංශය මණ්ඩලයේ වැඩිම නිලධාරීන් හා සේවක පිරිසකගෙන් සමන්විත වේ. තවද භූ විදුම් කටයුතු පිළිබඳ හසල දැනුමකින් සමන්විත නිලධාරින් 16 දෙනෙකු හා පුහුණුව අවසන් කළ නිලධාරීන් 8 දෙනෙකුගෙන් සමන්විත මෙම අංශයේ පුහුණු සේවක සංඛ්‍යාව 50 දෙනෙකු පමණ වේ.